ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මාධ්‍ය මාර්ගෝපදේශ පද්ධතියක්

ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවිය ,අන්තර් ලිංගික  ඇතුළු විවිධ ලිංගික හා සමාජභාවිය අනන්‍යතා දරන (LGBTIQ+) පුද්ගලයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවිධානය වන ඉක්විටි ආයතනය (Equité ) මෙම ප්‍රජාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරන ලදී.

LGBTIQ+ ප්‍රජාව සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කිරීම සහ වාර්තාකරණයේදී LGBTIQ+ ප්‍රජාවන්ට අගතියක් හෝ, ඔවුන් කෙරෙහි මහජනතාව තුළ  අප්‍රසාදයක් ඇති නොවීමට වග බලාගැනීම සම්බන්ධ විධිමත් මාර්ගෝපදේශයක් අද දිනයේදී මාධ්‍ය ආයතන සහ මාධ්‍ය ආයතන නියෝජිතයින් ට ලබා දීම කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී සිදු කරන ලදී.

එමෙන්ම, පසුගිය කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ, සමාජ මාධ්‍ය තුළ LGBTIQ+ ප්‍රජාව නිරුපනය වී ඇති ආකාරය පිළිබඳ ඡායාරූප පොතක් ද  එළිදක්වන ලදී.

මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස මහතා විසින් පැවැත්වූ අතර, මාධ්‍ය වාර්තාකරණ මුලධර්ම පිළිබඳව ආරාධිත දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් පවත්වන ලදී.

LGBTIQ+ ප්‍රජාව යනු ශ්‍රී ලංකාවේ ආන්තීකරණය ලක් වූ ජන කණ්ඩායමක් වන අතර, අධ්‍යයන වලට අනුව සමස්ත ජනගහනයෙන් 6%-8% ත් අතර ප්‍රමාණයක් නියෝජනය කරන අතර ඔවුන් සම්බන්ධ නිවැරදි දැනුම නොමැති වීම, ඔවුන් සම්බන්ධයෙන් පවතින වැරදි ආකල්ප, ඔවුන්ට එරෙහිව පවතින නීති මෙන්ම, ඔවුන් සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයේදී සිදුවන දෝෂ සහ ඔවුන් ගැන අපහාසාත්මකව වාර්තාකරණය නිසා ඔවුන්ව සමස්ත සමාජය තුළ කොන්කොට සැලකීමට හා වෙනස්කොට සැලකීමට භාජනය වන බව එම ආයතනය සඳහන් කරයි.

පසුගිය මාස කිහිපය තුළ  දේශපාලනික වශයෙන්, ආගමික වශයෙන් මෙන්ම මතවාදීමය  වශයෙන්ද ඔවුන්ට  එරෙහිව විවිධ ප්‍රහාර එල්ල වූ අතර, යම් යම් පුද්ගලයින්ගේ අතපසුවීම් හෝ නොමනා ක්‍රියාකලාපයන් නිසා ඒවායේ වින්දිතයින් බවට පත්වීමට LGBTIQ+ ප්‍රජාවට සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජීවත්වෙන LGBTIQ+ ප්‍රජාව ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති, අනෙකුත් පුද්ගලයින් භුක්ති විඳින අයිතිවාසිකම් වන අතර, බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතියදී හඳුන්වා දුන් යල්පැන ගිය නීති සංශෝධනය කර ඔවුන්ට ද, තමාගේ ලිංගික දිශානතියට සහ සමාජභාවිය අනන්‍යතාවට අනුකුලව ජිවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම පමණි. එමෙන්ම, දේශපාලනික වශයෙන් හෝ, ආගමික වශයෙන් එකිනෙකාට  මඩ ගසා ගැනීමට LGBTIQ+ ප්‍රජාව භාවිතා නොකරන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉක්විටි ආයතනය ඉල්ලීමක්ද සිදු කරන ලදී.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron