පාසල් සංවර්ධන නිලධාරින් සිව්වන දිනටත් මාරාන්තික උපවාසයේ

තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට බලකරමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (29) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ. 

අද උදෑසන උපවාසයේ නිරතව සිටි තවත් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහුව රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබුණි. 

කොවිඩ් වසංගත සමයේ සහ ගුරුවරුන් හිඟ අවස්ථාවලදී වසර 7ක සිට පාසල් වල ඉගැන්වීම් කටයුතු කළ තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනවාරි 26 වනදා සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. 

පසුව ඔවුන් එදිනම පස්වරුවේ එය මාරාන්තික උපවාසයක් දක්වා තීව්‍ර කළේ බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙනි. 

එලෙස ආරම්භ කළ සත්‍යග්‍රහයට සහ මාරාන්තික උපවාසයට අදට දින 04කි. 

එම මාරාන්තික උපවාසයේ යෙදී සිටි සිව්දෙනෙකු අතරින් එක් කාන්තාවක් රෝගී වීම හේතුවෙන් මීට පෙර රෝහල් ගත කෙරුණි.

 සෙසු දෙදෙනා තවදුරටත් මාරාන්තික උපවාසයේ නිරත සිටියි.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron