Monday, March 2, 2026
16.7 C
Sri Lanka

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබෙයි.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද 2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරු වැටුපද රුපියල් 1,700/- ක් දක්වා ඉහල නැංවීමට යෝජනා විය. එම යෝජනාවට අනුව යමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, නියෝජ්‍ය ආමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සහ කම්කරු අමාත්‍ය මහාචාර්ය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුලු පිරිස එක්ව ප්‍රාදේශීය වැවිලි සමාගම් සමග අදාල වැටුප් වැඩි කරගැනීම සඳහා දීර්ඝ ලෙස සාකච්ඡා වට කිහිපයක් සිදු කෙරිණි. එහිදී එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙරට වතු කම්කරු ප්‍රජාව සඳහා අදාල වැටුප් වැඩි කිරීම සිදු කිරීමට හැකිවිය.

ඒ අනුව 2026 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමේදී ගරු ජනාධිපතිවරයා විසින් මෙරට වතු කම්කරු ප්‍රජාවගේ වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩි කිරිමට පියවර ගත් බවත්, එහිදී මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වාත් රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් ද රජය විසින් ගෙවීමට තීරණය කර ඇති බවත් ඒ වෙනුවෙන් 2026 අයවැයෙන් රු. මිලියන 5,000 ක මුදලක් වෙන්කරන ලදි.

ඒ අනුව යමින් වතු කම්කරු ප්‍රජාවගේ වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,750 ක් දක්වා රුපියල් 400 කින් වැඩි කරමින් මෙරට වතු කම්කරු ප්‍රජාවට වඩා යහපත් ආර්ථිකයක් ලබා දීමට ජනාධිපතිවරයා ප්‍රම්‍රඛ වත්මන් රජය පියවර ගනු ලැබීය. මෙම වැටුප් වැඩි වීම වතු කම්කරු ප්‍රජාව මෙරටට පැමිණ ගෙවුණු වසර 200ක කාලය තුල එම ජනතාවට ලබා දුන් ඉහලම වැටුප් වැඩිවීමද මෙය වේ. ඒ අනුව 1,750ක් දක්වා වැඩි වූ ජනවාරි මස වැටුප, පෙබරවාරි මස 10 වන දින වතු කම්කරු ජනතාවට ලැබිමට නියමිතයි.

ජනාධිපතිවරයා ප්‍රම්‍රඛ වත්මන් රජය අදාල වැටුප් වැඩි කිරීම සම්බන්දයෙන් පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදි අදාල අනුමැතිය ලබා ගත් අතර, ඒ අනුව රජය විසින් වතු කම්කරු වැටුප වෙනුවෙන් මුදල් ගෙවිම සම්බන්දයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාශය හා කම්කරු අමාත්‍යාංශය එක්ව ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPC) සමග ගිවිසුම්ගත වීම අද (30) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දි සිදු කරන ලදි.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම් පියතිස්ස මහතා, වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා ඇතුලු ප්‍රාදේශිය වැවිලි සමාගම් හී ප්‍රධාන විධායක නිළධාරින් පිරිස් ඇතුලු නියෝජිතයන් සහභාගි විය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron