ශිරන්ති රාජපක්ෂගේ ” සිරිලිය ගිණුම” යනු කුමක් ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි

මෙලෙස ඇයව කැඳවා ඇත්තේ සිරීලිය සවිය පදනමේ මූල්‍ය කටයුතුවලදී සිදුවූ බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන දීර්ඝ විමර්ශනයකට අදාළවයි.

විශේෂයෙන්ම එම පදනම විසින් ලබාගත් ඇතැම් ප්‍රදාන සහ බැංකු ගිණුම් හරහා සිදු වූ මූල්‍ය ගනුදෙනු පිළිබඳව මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිතයි.

සිරිලිය ගැන වටගල කියන්නේ මොනවා ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ විසින් “සිරිලිය සවිය” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් සිදු කළ දේවල් සම්බන්ධවද සුනිල් වටගල පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන ගියා. මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇත. ගිණුමේ මැන්ඩේට් පත්‍රය බැංකුවෙන් අස්ථානගත කරලා.

කොළඹ 10 ඩාලි පාරේ මහජන බැංකුව සුදුවැල්ල ශාඛාවේ “සිරිලිය සවිය” නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින්, නිත්‍යනුකුලව ඉදිරිපත් කල යුතු ලේඛණ ඉදිරිපත් නොකර 2006.11 14 දිනැතිව, අංක 143-001-4-6235069 දරන ගිණුම ආරම්භ කොට ඇත.
දැනට මෙම ගිණුමේ ගනුදෙනු අත්හිටුවා ඇති අතර මේ වන විට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 43 කි. මෙම ගිණුමේ සභාපති ලෙස ශිරන්ති රාජපක්ෂ, ලේකම් සීතා කල්‍යාණි දිසානායක, භාණ්ඩාගාරික නිරෝෂා ජීවනී යන අයවලුන්ය.

දැනට මෙම ගිණුමට අවස්ථා 88කදී රුපියල් අට කෝටි විසිනව ලක්ෂ අසූ අටක් තැන්පත් කර ඇති අතර, ආපසු ගැනීමේ අවස්ථා 129කදී රුපියල් තුන් කෝටි අනූ ලක්ෂ පහළොස්දාස් හයසිය පනස් හයක මුදලක් ලබාගෙන ඇත. ලක්ෂ සීයක ස්ථාවර තැන්පතුවක්ද මෙම බැංකුවේ “සිරිලිය” නමින් ආරම්භ කර ඇත. මෙම ගිණුම සම්බන්ධයෙන් විමර්ශන, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනවා. අවාසනාවකට දැනට නීතිපති කාර්යාලයේ මේක බහා තබලා තියෙන්නේ.”

සිරිලිය ගිණුම කාගෙද ?

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ 143100146235069 යන ගිණුම් අංකය යටතේ සිරිලිය සවිය ගිණුම ආරම්භ කර ඇත.

මෙහි ගිණුම ආරම්භ කිරීමට ලබා දී ඇති තොරතුරුවල තිදෙනාගේ ම ලිපිනය වශයෙන් තංගල්ලේ කාල්ටන් නිවසේ ලිපිනය සඳහන්ව තිබී ඇති අතර, එහි ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් තිබී ඇත්තේ 222222222V යනුවෙනි.

සාමාන්‍යයෙන් පැරණි ජාතික හැඳුනුම්පත් අංකයේ පළමු අංක දෙක උපන් වර්ෂය අනුව යෙදෙන අතර, ශිරන්ති රාජපක්ෂ 1922 වසරේ උපන් තැනැත්තියක නොවන හෙයින් එවැනි හැඳුනුම්පත් අංකයක් තිබීමට ප්‍රයෝගිකව හැකියාවක් නොමැති බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

තාජූඩීන් ඝාතනය සිරිලියට සම්බන්ධ ද ?

තාජූඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2017දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවා තිබිණි.

ඇය කැඳවා තිබුණේ, රතු කුරුස ආයතනය විසින් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත සපයන ලද ඩිෆෙන්ඩර් ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.

(WP) KA-0642 අංක දරන ප්‍රශ්නගත ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වන දා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ශිරන්තිගේ ‘සිරිලිය සවිය’ සංවිධානය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට ඉහතදී දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ 2017 ජූලි 27 වන දින ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ නැත.

(WP) KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වන දා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි.

මහජන බැංකුවේ, සුදුවැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ‘සිරිලිය සවිය’ ගිණුමට බැංකු ශාඛා රැසකින් රුපියල් කෝටි ගණනින් මුදල් බැර කිරීම තුළින් සැකසහිත ගනුදෙනුවක් සිදු වී ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් මත පැවැත්වූ පරීක්ෂණ සඳහා එම ප්‍රශ්න කිරීම සිදු කර තිබිණි.

එසේ ම එම ගිණුම විවෘත කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංකයක් දී ඇති බවත් පැමිණිලි පාර්ශවය පෙන්වා දී තිබිණි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron