අනූෂ පැල්පිට තවදුරටත් රිමාන්ඩ්

අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනූෂ පැල්පිට මහතා එළැඹෙන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කළේය.

අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකුද වන පැල්පිට ලබන, රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

2015 ලැබුණු පැමිණිකට අනුව සිදු කරන විමර්ශන

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා සඳහන් කළේ, 2015 වසරේ මාර්තු මස ලැබුණු පැමිණිල්ලකට අනුව සිය කොමිසම විසින් මෙම විමර්ශනය ආරම්භ කරන ලද බවයි.

ඉන් අනතුරුව 2026 වසර දක්වා වරින්වර සැකකරුගේ ප්‍රකාශ, දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන ගෙන්වා ගනිමින් විමර්ශන සිදු කළ බව එම නිලධාරියා සඳහන් කළේ ය.

ඒ අනුව, 2012 වසරේ මාර්තු 31 වන දා සිට 2014 වසරේ මාර්තු 31 වන දා අතර කාල සීමාව තුළ සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46කට ආසන්න වත්කම් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ද ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

ඔහු සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බව ය.

රුපියල් මිලියන 11ක් ලැබුණේ කොහොමද ?

සැකකරු සඳහන් කරන ආකාරයට රුපියල් මිලියන 11ක් ලැබුණු ආකාරය ඔහු විසින් පැහැදිලි කරන නොමැති බව සඳහන් කළ එම නිලධාරියා එම මුදල සිය බිරිඳගේ සහෝදරිය හා සහෝදරයෙකු ලබා දුන් බව ප්‍රකාශ කර ඇති බව පැවසීය.

ඉන් රුපියල් මිලියන තුනක් සැකකරුගේ සහෝදරියක් විසින් ලබා දෙන ලද බව සඳහන් කර ඇති අතර එම සහෝදරියගෙන් විමසූ විට ඉඩමක් විකුණා අදාළ මුදල සැකකරුට ලබා දුන් බව පැවසුව ද විකුණු ඉඩම පිහිටා තිබෙන ස්ථානය ප්‍රකාශ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව ද අදාළ නිලධාරියා පෙන්වා දුන්නේ ය.

ඊට අමතරව තවත් රුපියල් මිලියන අටක මුදලක් සහෝදරයෙකු විසින් ලබා දෙන ලද බව සැකකරු ප්‍රකාශ කළත් එම මුදල ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට ද ඔහු අසමත් වී තිබෙන බව නිලධාරියා පැවසීය.

මෙම සැකකරු අදාළ මුදල් උපයාගත් ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට අසමත් වී ඇති බවත් සිද්ධියට අදාළව සැකකරුගේ බිරිඳගේ, ඇයගේ සහෝදරියකගේ හා සහෝදරයකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරියා දැනුම් දුන්නේ ය.

සැකකරු ඇප මත මුදා හැරීමෙන් එම සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකියාවක් පවතින බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron