Event Management කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා පළමුවරට උපදේශන සභාවක්

ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට උපදේණ සභාවක් පත්කිරීම අද (9 දා) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. සේවා අංශය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය උපදේශණ සභාවක් පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි.

ශ්‍රී ලංකාවේ වසර 30 කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන එන නිර්මාණාත්මක කර්මාන්තයක් ලෙස හදුනාගෙන ඇති මෙම ඉසව් කළමණාකරණ කර්මාන්තය 2025 වසරේදී රුපියල් බිලියන 60 ක වටිනාමක් සහිත ඍජු රැකියා අවස්ථා 30 000 ක්, වක්‍ර රැකියා අවස්ථා 80 000 ක් ලබාදී ඇති, පවුල් ලක්ෂ 4 කට අධික ප්‍රමාණයක් යැපෙන, ලංකාවේ ශිල්පීය දක්ෂතා ලෝකයට ගෙනයන දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයක් වෙයි. ඉදිරියේදී මෙම කර්මාන්තය රැපියල් බිලියන 250 ක දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි.

ගෝලීයව මෙම කර්මාන්තය වාර්ශකව 10%- 14% වැනි ඉහළ වර්ධන වේගයකින් ඉදිරියට යන අතර ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක වටිනාකමක් හිමිකරගෙන සිටියි.

රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි කමිටු සාමාජිකයින් 25 දෙනෙක්ගෙන් මෙම උපදේණ සභාව සමන්විත වන අතර එහි සභාපතිවරයා ලෙස ඉසව් කළමණාකරණ සංගමයේ සභාපති සාලිය වීරසේකර මහතා පත්විය.

මෙම ක්ෂේත්‍රයේ මේ වන විට පවතින ගැටළු, අභිවෘද්ධිය සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර සංචාරක ව්‍යාපාරය සමඟ ඒකාබද්ධව දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව ඉසව් ((Event) සඳහා කේන්ද්‍රස්ථානයක් (Hub) බවට පත්කීරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙහිදී ඉසව් සංචිධානය කිරීමේදී අනුමැතීන් ලබා ගැනීමේ ගැටළුව, ක්ෂේත්‍රය පිළිබඳව නිවරදි දන්ත නොමැතිවීම, නිර්මාණාත්මක අයිතීන් හා ප්‍රමිතීන් පවත්වා ගැනීම, ලංකාවේ පවත්වන විවිධ ඉසව් පිළිබඳ ජාතික දින දර්ශණයක් පවත්වාගෙන යාම, අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සංවර්ධනය වැනි කරුණු පිළීබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. අගනගරය ආශ්‍රිතව අන්තර්ජාතික ඉසව් පැවැත්වීම සඳහා සුදුසු පරිශ්‍රයක අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් S.W.C. ජයමිණි, අධ්‍යක්ෂ ගීතානි දිසානායන, අමාත්‍යාංශ නිලධාරීන්, ඉසව් කළමණාකරණ ක්ෂේත්‍රයේ නියුතු නිර්මාණකරුවන් ප්‍රමුඛ කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron