AI Impact Summit 2026 යනු කුමක්ද?

කෘත්‍රිම බුද්ධිය (AI) අද ලෝකය නව තාක්ෂණික යුගයකට ගෙනයන ප්‍රබල බලවේගයක් බවට පත්වෙමින් තිබේ. 

එවැනි පසුබිමක, මානව වර්ගයාගේ යහපත උදෙසා AI වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact Summit 2026 නවදිල්ලි නුවරදී පැවැත්වෙයි.

දින පහක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයින් සහ රටවල් 45කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් එක්ව සිටිති. 

සමුළුව ආරම්භ වුයේ පසුගිය 16 වනදා වන අතර එය එළැඹෙන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වේ.

කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුව යනු කුමක් ද?

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ගෝලීය නීති සහ තීරණ ගන්නා ආකාරය සම්බන්ධයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රබල හඬක් නැගීමේ අරමුණින් ඉන්දියාව මෙම කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුව සංවිධානය කරයි.

සඳුඳා ඇරඹි මෙම සමුළුවේ තේමාව මානව කේන්ද්‍රීය ප්‍රගතිය වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගැනීම සඳහා අපගේ සාමූහික කැපවීම පිළිබිඹු කරන, ‘සර්වජන හිතාය, සර්වජන සුඛාය හෙවත් සැමට ශුභසාධනය, සැමට සතුට’ යන්න බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි x ගිණුමේ සටහනක්  තබමින් පැවසීය.

“People, Planet, Progress”

“People, Planet, Progress” යන තේමාව යටතේ සංවිධානය වූ මෙම සමුළුව, AI මඟින් ආර්ථික වර්ධනය, සමාජ සමානතාව සහ පරිසර ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. 

විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා AI තාක්ෂණයේ ප්‍රවේශය පුළුල් කිරීම පිළිබඳ ගැඹුරු සාකච්ඡා මෙහිදී සිදුවෙයි.

මෙම සමුළුවට ලොව ප්‍රමුඛ තාක්ෂණ නායකයින් රැසක් සහභාගී වී ඇති අතර, Sundar Pichai, Sam Altman සහ Jensen Huang වැනි නායකයින් ප්‍රධාන දේශන පැවැත්වූහ. 

එමෙන්ම රජයේ නියෝජිතයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින් සහ ස්ටාර්ට්අප් නවෝත්පාදකයින් විශාල සංඛ්‍යාවක් ද එක්ව සිටිති.

සමුළුවට සමගාමීව AI Expo, Hackathon තරග, පර්යේෂණ සමුළුවක් සහ ප්‍රතිපත්ති සංවාද මාලාවක්ද පැවැත්වෙමින්, සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත, අධ්‍යාපන සහ ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල නව AI විසඳුම් ප්‍රදර්ශනය කෙරේ.

ජනපති අද සමුළුව අමතයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගී වීමට ඊයේ (18) නවදිල්ලි නුවරට පැමිණ තිබුණි. 

ජනාධිපතිවරයා අද (19) සමුළුව ඇමතීමට නියමිත අතර, මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටද නියමිතය.

ජනාධිපතිවරයා සමඟ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල ද එක්ව සිටිති.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron