Saturday, February 28, 2026
19.7 C
Sri Lanka

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ඉල්ලා සිටියේ, ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසටය.

ලිට්‍රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති වූ බව ඔවුන් පෙන්වා දෙයි. 

පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර තිබේ.

අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි. 

සමාගම අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ, ලාෆ් පාරිභෝගිකයා ලිට්‍රෝ ගෑස් වෙත විතැන්වීම මෙම තත්ත්වයට බලපෑ බවය. 

"පසුගිය සතියේ දවස් දෙකක් තුනක් තිස්සේ ලාෆ් ගෑස් සමාගම, ගෑස් බෙදාහරින එක නතර කරලා තියෙනවා. ඒ නිසා ගෑස් පාරිභෝගිකයා තුළ බියක් ඇති වෙලා තියෙනවා, ඒ පාරිභෝගිකයා දැන් ලිට්‍රෝ ගෑස්වලට මාරු වෙලා තියෙනවා. ඒ නිසා ගෑස් වෙළඳපොළේ ඇති වුණ හදිසි ඉල්ලුම නිසා අද, හෙට සහ අනිද්දා  මෙට්‍රික් ටොන් 1500ක් නිදහස් කරන්න සැලැසුම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දවසකට නිදහස් කළේ, මෙට්‍රික් ටොන් 1200යි. 

ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඉරිදා එනවා එක නැවක්, අඟහරුවාදා එනවා තව නැවක්, ඒ විදිහට නැව් ටික ශෙඩුල් කරලා තියෙනවා. 

අපි ලාෆ්ගෑස් සමාගමට නිශ්චිතව දැනුම්දීලා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පෙරේදාත් ගෙනත් කතා කළා. අද ලිඛිතව භාර දුන්නා. පාරිභෝගිකයන් සිලින්ඩර අරගෙන ගෑස් නැති වුණාම ප්‍රායෝගිකව ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ නිසා වහාම ගෑස් බෙදාහැරීමේ කටයුතු කරන්න. අපි දැනගත්ත ආකාරයට 25 වැනිදා තමයි ගෑස් ටික එන්න තියෙන්නේ."

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron