ජාතික ඉන්ධන අවසර පත්‍රය (National Fuel Pass) හෙවත් QR ක්‍රමවේදය යටතේ එක් ජාතික හැඳුනුම්පත් අංකයක් භාවිත කර ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා මේ බව සඳහන් කළේය.
“අපි පොලිසි ඩිෂිෂන් එකක්ම ගත්තා එක හැඳුන්පතකට, එක දුරකථන අංකයකට එක වාහනයයි රෙජිස්ටර් කරන්න පුළුවන් කියලා. ඒ පොලිසි එක ඇප්ලයි වෙනකොට බොහෝ පිරිසක් හිටියා වාහන මාරු කරපු අය. මේ පිරිසටම රෙජිස්ටර් වෙන්න බැරි වුණා. මේ වෙලාවේ අපි QR එක ගෙනාවේ, යම්කිසි පාලනයකට ගන්න. වාහන වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් වෙනම කාණ්ඩයක් තියෙනවා BRN කියලා. තනි පුද්ගලයෙකුට මේ වෙලාවේ මම හිතන්නේ රටේ අර්බුදයක් තියෙන වෙලාවක වාහන දෙක තුනක් පාවිච්චියට ගන්න උවමනාවක් නෑ කියන එක මගේ පෞද්ගලික මතය.”


