Wednesday, April 8, 2026
31.2 C
Sri Lanka

ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා

ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී සහ හිතකර ගමනාන්තයක් වන බැවින් ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට 
මෙරටට ආරාධනා කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතාට පවසා තිබේ.

ඒ කථානායකවරයා හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා අතර පසුගියා ද සිදුවු සාකච්ඡාවේ දීය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.

මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාව දීර්ඝකාලීනව ලබා දී ඇති සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කරන බවද පැවසු කථානායකවරයා, මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩ සහතිකය තහවුරු කළේය.

මෙහිදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පුළුල් පරාසයක ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ කැපවීම නැවත තහවුරු කළේය. 

මේ අතර, ශ්‍රී ලංකා වෙළඳපොළේ පරිප්පු ඇතුළු ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන පවතින බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් තවදුරටත් පෙන්වාදුන් අතර, විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද එහිදී අවධානය යොමුකර ඇත.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින කල් පවත්නා සහ මිත්‍රශීලී සබඳතා පිළිබිඹු කරමින්, විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ අන්‍යෝන්‍ය කැපවීම දෙපාර්ශ්වය විසින් මෙහිදී නැවත තහවුරු කර තිබේ. 

Hot this week

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකතන හා Whatsapp අංක භාවිත...

අදත් ප්‍රදේශ රැසකට පැය 12 ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු...

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැළැස්මක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා...

Topics

අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා...

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ...

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron