විදෙස්ගතව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර ,ඊයේ (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එන ලදී.
මෙරටින් පළාගොස් ඩුබායිහි සැඟවී සිටි බටුවත්තේ චාමර මීට වසරකට පමණ පෙර අත්අඩංගුවට පත්වූයේ, අසර්බයිජානයේ රැඳී සිටියදීයි.
අසර්බයිජානයේ සිට ඉන්දියාව හරහා ඊයේ රාත්‍රීයේ දහයයි දහයට පමණ ඔහු මෙරටට රැගෙන ආවේය.
48 හැවිරිදි, මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර, රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔහුව ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් තිබේ.


