”ආණ්ඩුව දැනගන්න ඕන බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බැහැ කියලා ” – නාමල් රාජපක්ෂ –

පරීක්ෂණ කටයුතු වලට එන්න කියන ඕනෑම වෙලාවක එනවා – නාමල් රාජපක්ෂ

අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින 2026.05.11 නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යවේදීන් විසින් හෙට දින මහින්ද රාජපක්ෂ මැතිතුමා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙනවා දැයි ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ආණ්ඩුවේ අයත් දැනගන්න ඕන බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බැහැ.ඉතින් පැහැදිලිවම මේකට පරීක්ෂණයක් වෙන්න ඕන.එනිසා අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක.හැබැයි අනිත් පැත්තෙන් ඒ පරීක්ෂණ කටයුතු බලපෑම් කරලා බලහත්කාරයෙන් කට උත්තර ලියාගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් සාධාරණයක් වෙන්නෙ නෑ.අවසානයේ ඒකෙ පාඩුවත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට.මොකද ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ.

විපක්ෂය කෙසේ වෙතත් පරීක්ෂණයක් වෙන්න ඕන මොකද ආණ්ඩුව උත්සාහ කරනවා හුඟක් දේවල් යට ගහන්න. මොකද අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ සිදුවීමේදී වෙච්ච මරණයක් සම්බන්ධයෙන් අර කෝටි අසූවක් පන්නපු එක සම්බන්ධයෙන් ඒක ඒ වෙලාවෙම වෙලාවේම සියදිවි හානි කර ගැනීමක් කියල යටගැහුවා.හැබැයි මේකෙදි ලොකු සමාජ කතිකාවතක් හදන්න උත්සාහ කරනවා හැබැයි මේ හැම එකක් ගැනම සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕන.

අපි එන්න ඕන කියන ඕනම වෙලාවක යනවනේ.ඒ හින්දා එක ගැන ප්‍රශ්නයක් නෑ.මග හරින්න හේතුවක් නෑනේ. හැබැයි දැනට ඉන්න ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මග ඇරලා මාරු වෙන්න උත්සාහ කරනවා.හැබැයි ඉතින් එහෙම ලිස්සල ගිහිල්ලා හරියන්නෙ නැහැ.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron