ඇමරිකාවෙන් පෘථිවි කක්ෂයට අභ්‍යවකාශ ආයුධයක් : චීනයෙන් දැඩි විරෝධය

එක්සත් ජනපදය විසින් පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ ආයුධයක් යොදවා ඇති බව තහවුරු කර ඇති අතර, තමන් සතුව මෙලෙස ප්‍රහාරාත්මක හැකියාවන් පවතින බවට ඔවුන් නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සතුරු ක්‍රියාමාර්ගවලින් එක්සත් ජනපද හමුදා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම කක්ෂගත ආයුධය අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද ගුවන් හමුදා ලේකම් (Troy Meink) මහතා පෙන්වා දෙයි. අභ්‍යවකාශ සහ සයිබර් සමුළුවක් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එල්ල විය හැකි ඕනෑම තර්ජනයකට මුහුණ දීමට එක්සත් ජනපදය මේ වන විටත් සූදානමින් පසුවන බවයි.

එහෙත්, අදාළ අභ්‍යවකාශ ආයුධය සතු නිශ්චිත හැකියාවන් මොනවාද යන්න හෝ එය කක්ෂගත කළේ කවදා ද යන්න පිළිබඳව ඔහු වැඩිදුර තොරතුරු හෙළිදරව් කිරීමෙන් වැළකී සිටියේය.

අනාගත ගැටුමකදී එක්සත් ජනපද චන්ද්‍රිකාවලට ප්‍රහාර එල්ල කිරීමට සහ බාධා පැමිණවීමට රුසියාව සහ චීනය දරන උත්සාහයන් පිළිබඳව අවධානය යොමු කරමින්, අභ්‍යවකාශයේ හමුදාමය හැකියාවන් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු හමුදා නායකයන් විසින් මීට පෙරද ප්‍රකාශ කර තිබුණි.

මේ අතර, ඇමරිකාවේ මෙම පියවරට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් චීනය නිවේදනය කර ඇත්තේ, අභ්‍යවකාශය තුළ හමුදාමය හැකියාවන් ව්‍යාප්ත කිරීම සහ යුද්ධයක් සඳහා සූදානම් වීම වහාම නතර කරන ලෙස තමන් එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින බවයි.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron