ධීවර-නාවික ප්‍රජාවට විශේෂ නිවේදනයක් !

බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ඉහළ යා හැකි බැවින්, ඉදිරියේදී නිකුත් කරන කාලගුණ නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක් සිදු කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඊට අමතරව, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර, සාමාන්‍ය සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40 ත් අතර අගයක් ගනු ඇත.

කෙසේ වෙතත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ. එමෙන්ම, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවලද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron