හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ කළ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මීට පෙරද, පසුගිය 12 වැනිදා ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා.
ඉකුත් 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා එම කාල වකවානුව තුළම එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව ඇති චෝදනාවයි.
ඒ අනුව මෙම සැකකරු ඉකුත් ජුනි මස 18 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන තෙක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙනවා.
මෙම සිද්ධියට අදාලව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.


