පාස්කු ප්‍රහාරයේ සැකකාර සලේ සාමාන්‍ය වාට්ටුවට: ප්‍රතිකාර අවසන් වූ වහාම රෝහලෙන් පිටතට!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා අත්අඩංගුවේ පසුවන හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාව මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බවත්, එන්නත් (IV Line) හරහා ලබාදෙන ප්‍රතිකාර අවසන් වූ වහාම ඔහුව රෝහලෙන් මුදා හැරීමට පියවර ගන්නා බවත් ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගයක් මත කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතා අධිකරණයේ පෙනී සිටි අතර, සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් නව දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් සකස් කළ වාර්තාවක් ද එහිදී ඉදිරිපත් කෙරිණි. රුපියල් ලක්ෂ 40ක පමණ වියදමින් හෘදයට අදාළ උපකරණයක් සැකකරුට සවි කර ඇති බවත්, මේ වන විට අංක 42 දරණ සාමාන්‍ය වාට්ටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරක්ෂාව යටතේ තවදුරටත් අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් එහිදී අනාවරණය විය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ, සැකකරු දින 100කට අධික කාලයක් රෝහල්ගතව සිටීම කුමන්ත්‍රණකාරී ස්වභාවයක් ගන්නා බවට වන සිය ස්ථාවරය වෙනස් වී නොමැති බවයි. එසේම, සැකකරු සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදී දිගින් දිගටම විමර්ශන මඟහරිමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර පෙරේරා මහතා සඳහන් කළේ, සිය සේවාදායකයා බුද්ධි නිලධාරියෙකු බැවින් දෛනිකව මුරපද වෙනස් කරන බවත්, මේ වන විට සතියකට පෙර යෙදූ මුරපද ඔහුට අමතක වී ඇති බවත්ය. ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගත් මුල් අවස්ථාවේදී අදාළ ලැප්ටොප් පරිගණකය සිය දියණියගේ බව පවසමින් සැකකරු විමර්ශන මඟහැරීමට උත්සාහ කර ඇති බවයි.

අදාළ වෛද්‍ය කමිටුවේ අවසන් තීරණය සැප්තැම්බර් 28 වැනිදා ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව අධිකරණයේදී ප්‍රකාශ වූ අතර, වැඩිදුර විභාගය සඳහා නඩුව යළි ඔක්තෝබර් 21 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron