හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (23) නියෝග කළේය.
සැකකාර සුගීෂ්වර බණ්ඩාර මහතා අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අදාළ නඩුව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ පැවති රාජ්‍ය මුදල් සාපරාධී ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනා මත ඔහුව මීට පෙරද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. ඒ සම්බන්ධයෙන් වන නඩු විභාගය අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු මත පදනම්ව සැකකරුගේ රක්ෂිත බන්ධනාගාර කාලය මෙලෙස ඔක්තෝබර් 07 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.


