නාමල් රාජපක්ෂ ලබන 13 දක්වා තවදුරටත් රිමාන්ඩ්

එයාර්බස් ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශන හේතුවෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් මස 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය.

බන්ධනාගාර භාරයේ පසුවන නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන විශේෂ ආරක්ෂාවක් සහිතව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවනු ලැබීය. ඒ, එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අමතරව ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්ත උදෙසාය.

ක්‍රිෂ් ගනුදෙනුවේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

අද දින මෙම නඩු කටයුතු අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, එයාර්බස් සහ ක්‍රිෂ් යන ගනුදෙනු ද්විත්වයටම අදාළව කෙරෙන පරීක්ෂණ සහ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාර නාමල් රාජපක්ෂ මහතා ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ප්‍රකාශයට පත් කළේය.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron