සිද්ධිය මතකයි විස්තර මතක නෑ- ගෝඨාභය අධිකරණයට කියයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි මතකයක් නොමැති බව හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් අතුරුදන් කිරීමේ නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ලබාදෙමිනි.

අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ නුවන් බෝපගේ මහතා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, කීත් නොයාර් සිද්ධිය යන්තමින් මතක තිබුණද එහි විස්තර හෝ පහරදීමක් පිළිබඳව තමන් නොදන්නා බවයි. කීත් නොයාර් මහතා මුදාහැරීම තමන්ගේ උපදෙස් මත සිදුවූ බවට එල්ල වන චෝදනාව ද ඔහු ප්‍රතික්ෂේප කළේය. වසර ගණනාවකට පෙර සිදුවූ මෙම සිදුවීම පිළිබඳව තමන්ට දුරකතනයෙන් දැනුම් දුන්නේ කවුරුන්ද යන්න හෝ, ඒ පිළිබඳව එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට දැනුම් දුන්නේද යන්න ගැන තමන්ට නිශ්චිත මතකයක් නොමැති බවද හෙතෙම අධිකරණය හමුවේ කියා සිටියේය.

2005 සිට 2015 දක්වා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ තමන්ගේ කාර්යභාරය වූයේ රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණ අදාළ ආයතන වෙත සන්නිවේදනය කිරීම හා සම්බන්ධීකරණය කිරීම පමණක් බවත්, භූමියේ ක්‍රියාන්විතවලට හෝ ඒ සඳහා උපදෙස් ලබාදීමට තමන් සෘජුව සම්බන්ධ නොවූ බවත් ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ පැහැරගැනීම් සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා, දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් ගොතන ලද අයුතු චෝදනා ලෙස තමන් සලකන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තමන් 2019 වසරේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කළ වාර්ෂික වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේදීද ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු තමන්ට මතක නොමැති බවයි.

2011 දෙසැම්බර් 9 වැනිදා ලලිත් සහ කුගන් යන දෙදෙනා අතුරුදන් වූ අතර, ඔවුන් අත්අඩංගුවේ පසුවන බවට එවකට රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ ප්‍රකාශයට අදාළ තොරතුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුණක් බවට පසුව අනාවරණය වී තිබිණි. ඒ අනුව මෙම නඩුවට අදාළව ඔහුගෙන් මෙලෙස සාක්ෂි කැඳවා තිබූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27 වැනිදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍‍රාත් අධිකරණය නියෝග කළේය.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron