හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එළඹෙන ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය විසින් දැනුම් දී තිබේ. ඒ, දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් සිංගප්පූරුව බලා පිටත්ව ගිය ඇය, විදේශගතව සිටි කාලසීමාව තුළදී ද මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම්දීම් කර තිබුණි.
ඉන් අනතුරුව, ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් යානයකින් ඇය ඊයේ (05) රාත්‍රියේ නැවත දිවයිනට පැමිණ ඇත.
මේ අතර, අදාළ විමර්ශනවලට මුහුණ දීමට සූදානම් වන අතරතුර, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.


