කච්චතිව් ගැන තීරණයක් ගන්න ඉන්දීය රජය තීරණයක් නෑ – ඉන්දීය නීතිපති ආර්. වෙන්කටරාමනි

කච්චතීව් දිවයින සම්බන්ධයෙන් 1974 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම සහ 1976 වසරේදී ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන්ගේ ධීවර කටයුතු සීමා කරමින් ඇතිකරගත් ගිවිසුම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු විමසා තිබේ.

එහිදී ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති ආර්. වෙන්කටරාමනි මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගිවිසුම් සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට ඉන්දීය රජය කිසිදු පියවරක් ගැනීමට අපේක්ෂා නොකරන බවයි.
ශ්‍රී ලංකාව සමඟ පවතින යහපත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාම ඉන්දීය රජයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවද නීතිපතිවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. මේ අතර, ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට ඇතුළුවීම සම්බන්ධයෙන්ද නීතිපතිවරයා සිය කණස්සල්ල පළ කර ඇත.

ඉන්දියාවට අයත් මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත අඩුවීම හේතුවෙන් ඇතැම් ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණෙන බවද ඔහු පෙන්වා දී තිබේ.කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස ඉන්දීය ධීවරයන් දැනුවත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවද නීතිපති ආර්. වෙන්කටරාමනි මහතා ප්‍රකාශ කර ඇත.

තවදුරටත් මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය දැනුවත්ව සිටින අතර, අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇත.

අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුවක් මෙහිදී ප්‍රකාශ කර නොමැති අතර, වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසයේදී සිදු කිරීමට නියමිතය.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron