ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පසුගිය 9 වැනිදා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණේ මොන්ටානා ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ට් මහතා සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අතරයි.

කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත, ඛනිජ සම්පත් සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ස්ථාවර හා හිතකර ආර්ථික ප්‍රතිපත්ති පවත්වාගෙන යාමේ වැදගත්කමද සාකච්ඡාවට ලක්ව තිබෙනවා. දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර සෘජු සබඳතා ඇති කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ව්‍යාපාරික සබඳතා ගොඩනැගීම පිළිබඳවද අවධානය යොමු කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම, අස්වනු එකතු කිරීමේ හා ගබඩා කිරීමේ පහසුකම් සංවර්ධනය කිරීම සහ නවීන තාක්ෂණය හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබෙනවා.

මීට අමතරව, දෙරටේ නිෂ්පාදන කර්මාන්ත අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත සඳහා ඇති අවස්ථා හඳුනා ගැනීම සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම, මොන්ටානා ප්‍රාන්තයේ පවතින ආයෝජන හා වාණිජ අවස්ථා පිළිබඳව ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට අවබෝධයක් ලබාදීම සඳහා මෙරට ව්‍යාපාරික නියෝජිත පිරිසක් එම ප්‍රාන්තයේ සංචාරයකට යොමු කිරීමේ හැකියාවද සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා ඇතුළු ඇමරිකානු නියෝජිත පිරිසක්ද මෙම හමුවට සහභාගී වී තිබෙනවා. මොන්ටානා ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මාර්ටා බර්ටොග්ලියෝ, එම ප්‍රාන්තයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජිලියන් ස්ට්‍රයිට් සහ මොන්ටානා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඩීනා මන්සූර් මහත්මියද ඊට එක්ව සිටියා.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron