අද පස්වරු 1.00න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල මෙන්ම කුරුණෑගල, පොලොන්නරුව, ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ. මීට අමතරව, බස්නාහිර සහ උතුරු පළාත්වලත් ගාල්ල දිස්ත්රික්කයේ වෙරළබඩ ප්රදේශවලත් උදෑසන කාලයේදී ද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ප්රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.


