AI ඡායාරූපයක් භාවිත කිරීම ගැන චතුරංග අබේසිංහගෙන් දෙරණට ලිපියක්

දෙරණ රූපවාහිනී නාලිකාවේ “දෙරණ 360” වැඩසටහනට අදාළ වීඩියෝවක, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූපයක් භාවිත කිරීම පිළිබඳව නිල පැහැදිලි කිරීමක් සහ නිවැරදි කිරීමක් ඉල්ලා අදාළ මාධ්‍ය ආයතනය වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් දෙරණ නාලිකාව වෙත ලිපියක් යොමු කර ඇති බවයි.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

“අදාළ වැඩසටහනේදී හිටපු කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ප්‍රදර්ශනය කරමින් අදහස් දක්වා ඇති ඡායාරූපය, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්ම ලබාගත් සැබෑ Selfie ඡායාරූපය නොව, AI තාක්ෂණය මඟින් නිර්මාණය කරන ලද රූපයක් බව අපගේ අවධානයට ලක්ව තිබේ.

සැබෑ ඡායාරූපයක් වෙනුවට කෘත්‍රිමව නිර්මාණය කළ රූපයක් භාවිත කිරීමෙන් සිදුවීමක් පිළිබඳ මහජන අවබෝධය වෙනස් විය හැකි අතර, පුද්ගලයකුගේ ප්‍රතිරූපයට හානි සිදුවීමේ අවදානමක් ද පවතී. විශේෂයෙන්ම ජාතිය සහ ආගම සම්බන්ධ සංවේදී කරුණු සාකච්ඡා කරන අවස්ථාවක මෙවැනි රූප භාවිත කිරීමෙන් මහජනතාව නොමඟ යාමට හෝ සමාජය තුළ ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් උද්දීපනය වීමට ඉඩ සැලසිය හැකිය.

එමෙන්ම, අදාළ රූපය වැඩසටහන තුළ ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී එහි සත්‍යතාව පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීම හෝ එහි මූලාශ්‍රය තහවුරු කිරීම සම්බන්ධයෙන් වැඩසටහන මෙහෙයවූ පූරකයාගේ මැදිහත්වීම පිළිබඳව ද සාධාරණ ප්‍රශ්න මතු වේ.

මෙම කරුණ සම්බන්ධයෙන් අපගේ අවධාරණය වන්නේ දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම නොව, එවැනි අදහස් ප්‍රකාශ කිරීමේදී භාවිත කරන දෘශ්‍ය සහ තොරතුරුවල සත්‍යතාව තහවුරු කිරීමත්, වගකීම්සහගත මාධ්‍ය භාවිතය ආරක්ෂා කිරීමත් අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව, අදාළ ඡායාරූපයේ සත්‍යතාව සහ මූලාශ්‍රය පිළිබඳව නිසි පරීක්ෂාවක් සිදු කිරීම, අදාළ වීඩියෝවේ අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කිරීම, දෙරණ 360 වැඩසටහන ඔස්සේම මහජනතාවට පැහැදිලි නිවැරදි කිරීමක් ඉදිරිපත් කිරීම සහ මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබා දීම යන ඉල්ලීම් ඇතුළත් නිල ලිපියක් දෙරණ නාලිකාව වෙත යොමු කර ඇත.

වැරදි තොරතුරක් හෝ නොමඟ යවන දෘශ්‍යයක් මහජනතාව වෙත ප්‍රචාරය වූ විට, එය නිවැරදි කිරීම ද මාධ්‍ය වගකීමේ අත්‍යවශ්‍ය කොටසකි. මහජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සහ මාධ්‍ය පිළිබඳ විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් අදාළ මාධ්‍ය ආයතනය කඩිනම් හා වගකීම්සහගත පියවර ගනු ඇතැයි අපේක්ෂා කරමු.”

උපුටා ගැනීම අවසන්.

Hot this week

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව කල් තැබේ!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට...

ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය දෙන බවට IMF සහතික වෙයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස IMF ඉදිරියටත් රැඳී සිටින...

පොහොර සැපයුම ගැන බිය විය යුතු නැහැ

ගොවිජනතාවට සහන රැසක් ලබාදී ඇති බැවින් පොහොර සැපයුම සම්බන්ධයෙන්...

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුවකට අවුරුදු 10ක්වත් ඕනේ

ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව...

අමෙරිකානු වීසා අයදුම්කරුවන්ට දැඩි අවවාදයක්!

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ලාංකිකයින් සඳහා...

Topics

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව කල් තැබේ!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට...

ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය දෙන බවට IMF සහතික වෙයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස IMF ඉදිරියටත් රැඳී සිටින...

පොහොර සැපයුම ගැන බිය විය යුතු නැහැ

ගොවිජනතාවට සහන රැසක් ලබාදී ඇති බැවින් පොහොර සැපයුම සම්බන්ධයෙන්...

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුවකට අවුරුදු 10ක්වත් ඕනේ

ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව...

අමෙරිකානු වීසා අයදුම්කරුවන්ට දැඩි අවවාදයක්!

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ලාංකිකයින් සඳහා...

කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...

තංගල්ලේ පන්සලකට ගිය ප්‍රංශ තරුණියකට අතවරයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි 32 හැවිරිදි ප්‍රංශ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron