අග්බෝ සොයා මෙහෙයුම් අඛණ්ඩව.

අතුරුදන්ව සිටින අග්බෝ ඇතා සොයා සිදුකරන මෙහෙයුම් කටයුතු පිළිබඳව අඛණ්ඩව දැඩි අවධානයෙන් පසුවන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

වනජීවී නිලධාරීන් සහ යුද හමුදාව ඒකාබද්ධව ඊයේ (18) දිනය පුරාම විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති අතර, අද (19) දිනයේදීත් එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

21 වන පාබල සේනාංකයේ සෙබළුන් ඊයේ දිනයේදී මෙම මෙහෙයුම් සඳහා එක්ව තිබේ. මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්‍රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් එහෙයිය වැව සිට මහකනදරාව දක්වා ජලය රැගෙන යන ඇළ මාර්ගයේ දකුණු ඉවුර කේන්ද්‍ර කරගනිමින් මෙම සෝදිසි කිරීම් සිදු කර ඇත.

මෙම මෙහෙයුම් අතරතුරදී අග්බෝ ඇතාගේ ස්වරූපයට සමාන දළ ඇතෙකු සහිත අලි රංචුවක් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. කෙසේ වෙතත්, එම සතා අග්බෝ ද යන්න නිශ්චිතවම තහවුරු කරගැනීම සඳහා යුද හමුදා සෙබළුන් සහ වනජීවී නිලධාරීන් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කිරීමේදී, අදාළ අලි රංචුව ඒ ආසන්නයේ වූ ඝන කැලෑවකට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

අග්බෝ ඇතා සිටින නිශ්චිත ස්ථානය තහවුරු කරගැනීම සහ ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් වනජීවී සහ යුද හමුදා ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පරිසර අමාත්‍යාංශය අවධාරණය කරයි.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron