දිවයින පුරා අදත් පැයක විදුලි කප්පාදුවක්.

මුළු දිවයිනටම බලපෑ විදුලි බිඳ වැටීම හේතුවෙන් අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය යථා තත්ත්වයට පත්වන තෙක්, අද (20) සහ හෙට (21) යන දිනවලදීත් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සිදුකළ ඉල්ලීමට අනුව ඒ සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ (19) සඳහන් කළේය.

ඒ අනුව පස්වරු 4.30 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා, එක් කලාපයකට පැයක කාලයක් සඳහා මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත. කෙසේවෙතත්, රෝහල් සහ අත්‍යවශ්‍ය සේවා ස්ථාන ආශ්‍රිතව විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව බලධාරීහු අවධාරණය කරති.

සෙනසුරාදා සිදුවූ විදුලි බිඳවැටීමත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම මේ වන විටත් අක්‍රීයව පවතින අතර, විදුලි සැපයුම කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස දෛනිකව පැයක කාලයක් විදුලි කප්පාදු කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම තීරණය කර ඇත. ඊයේ දිනයේත් ආරම්භ කළ මෙම විදුලි කප්පාදුව අද සහ හෙට යන දින දෙක තුළ ද එලෙසම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසා සිටියේ, ගැටලුව ඇති වූයේ නොරොච්චෝලේ බලාගාරයේ බවට හඳුනා ගත්තද, ඊට නිශ්චිත හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි. මේ වනවිට ඉංජිනේරුවන් විසින් ඒ සම්බන්ධයෙන් තාක්ෂණික පරීක්ෂණ සිදුකරමින් පවතී.

නොරොච්චෝලේ බලාගාරය නැවත පණ ගැන්වීමට පෙර, එය සාමාන්‍ය තත්ත්වයට සිසිල් වීම සඳහා දින කිහිපයක් ගතවන බව පැවසේ. ඒ අනුව ජාතික පද්ධතියට මෙගාවොට් 810ක පමණ ධාරිතාවක් තාවකාලිකව අහිමි වී ඇති අතර, දැනට පවතින මෙගාවොට් 250-300ක පමණ හිඟය කළමනාකරණය කරගැනීම සඳහා මෙලෙස කටයුතු යොදා ඇත.

පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි ජනනය උපරිම අගයක පවත්වා ගැනීමට හැකි වී ඇති බැවින් පාරිභෝගිකයින්ට අවම බලපෑමක් වන පරිදි මෙය කළමනාකරණය කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසයි. එළඹෙන බ්‍රහස්පතින්දා (22) වන විට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යළිත් විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇතැයි ද බලධාරීහු වැඩිදුරටත් අපේක්ෂා කරති.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron