හෝමූස් අන්තර්ජාල කේබල්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් තර්ජන

නැවත යුද්ධයක් ඇති වුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධියේ මුහුදු පතුලේ අන්තර්ජාල කේබල් සහ අමෙරිකානු තාක්ෂණික යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරානය අනතුරු අඟවයි.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) ප්‍රකාශක හොසේන් මොහෙබිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉරාන ෆාර්ස් පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, ඉදිරියේදී යළිත් යුදමය තත්ත්වයක් හටගතහොත් පෙරටත් වඩා දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට ඉරානය සූදානම් බවයි. එහිදී අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වන අතරම ලෝකයද මහත් බලශක්ති අර්බුදයකට මුහුණදෙනු ඇති බව හෙතෙම සඳහන් කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගෝලීය අන්තර්ජාල සම්බන්ධතා සහ වාණිජ දත්ත හුවමාරුව සඳහා අතිශය වැදගත් වන ප්‍රධාන මුහුදු පතුලේ කේබල් හතක් දිවෙන බව පෙන්වා දෙන ඉරාන ප්‍රකාශකයා, අනාගත ගැටුමකදී නව ඉලක්ක හඳුනාගෙන විවිධ අවි පද්ධති මගින් ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට හැකියාව පවතින බවද අවධාරණය කළේය.

මීට අමතරව, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රේසායි ද මීට පෙර සඳහන් කර තිබුණේ නැවතත් යුද්ධයක් හටගත්තොත් අමෙරිකාවට සම්බන්ධ මුහුද යට අන්තර්ජාල කේබල්, දත්ත මධ්‍යස්ථාන සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණික පහසුකම් ඉරානයේ ඉලක්ක බවට පත්වීමේ අවදානමක් පවතින බවයි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කළ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අඩාල කිරීමට කටයුතු කළේය. පසුව ජුනි මාසයේදී නිදහස් නාවික ගමනාගමනය උදෙසා අමෙරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළද, ආරක්ෂක මතභේද හේතුවෙන් මේ වන විට එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඇණහිට තිබේ.

Hot this week

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

Topics

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...

සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron