සරණගේ බිරිඳ ඇතුළු දෙදෙනෙක් යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීම සඳහා අල්ලස් ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකදී සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීමේ අරමුණින් එම අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලසක් ලබාදුන් බවට චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මාලි හෙට්ටිආරච්චි මහත්මිය පසුගිය සැප්තැම්බර් 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඊට සම්බන්ධ කාර්යාල කාර්ය සහායකයා සහ ආධාර අනුබල දුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ද අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාර කාර්යාල කාර්ය සහායකයාගේ ජංගම දුරකථනයේ තිබූ වට්ස්ඇප් පණිවිඩ සහ මුදල් හුවමාරුවට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී අල්ලස් ගනුදෙනුවට අදාළ තොරතුරු හමුවූ බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron