අනගාරික ධර්මපාලතුමාගේ 162 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් මාතරදී

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 162 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලෝක බෞද්ධ සහයෝගිතා සම්මේලනයේ (WOBSA) 2026 සමුළුව ඔක්තෝබර් 25 සහ 26 යන දෙදින මාතරදී පැවැත්වීමට නියමිතයි.

සහන්‍යා පදනම (Sahanya Foundation) සහ ලෝක බෞද්ධ සහයෝගිතා සම්මේලනය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන මාතර සෝලිස් හෝටලය සහ හිත්තැටිය රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

ඔක්තෝබර් 25 වැනි ඉරිදා පෙරවරු 9.55ට මහා සංඝරත්නය ඇතුළු ආරාධිත අමුත්තන් සහ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු විදේශීය නියෝජිතයන් පැමිණීමට නියමිතයි.

එදින පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් පැවැත්වෙන ස්මාරක සහ අනුස්මරණ උත්සවය මාතර හිත්තැටිය රජමහා විහාරයේදී පැවැත්වෙනවා. පස්වරුවේදී සෝලිස් හෝටලයේදී WOBSA වැඩමුළුව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඔක්තෝබර් 26 වැනි සඳුදා පෙරවරු 8.00 සිට දහවල් 12.30 දක්වාද WOBSA වැඩමුළුව පැවැත්වෙන අතර, පස්වරු 1.30ට සංස්කෘතික සංචාරයක් පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් මහතාද එක්වීමට නියමිතයි.

මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ මාතර හිත්තැටිය රජමහා විහාරයේ විහාරාධිපති සහ සහන්‍යා පදනමේ සභාපති ආචාර්ය අග්‍රහැරේ කස්සප නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනි.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron