මහීපාල හේරත්, බිරිඳගේ හෝටලය කඩා ඉවත් කරලා

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් සිය බලතල නීති විරෝධී ලෙස භාවිත කරමින් සිය බිරිදගේ නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදි කර තිබූ හෝටලය කඩා ඉවත්කරගෙන ඇත.

මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගන්නා ලෙසට හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් යන අයට පසුගිය මස 18 වැනිදා දැනුම් දී තිබූ බවයි.

පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි එසේ කඩා ඉවත් නොකලහොත්, අදාළ ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස ප්‍රාදේශීයීය ලේකම්වරයා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලබයි. ඒ අනුව පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරීමේදී නීතිමය ලියකියවිල්ලක් නොමැතිව වැව් රක්ෂිතය තුළ හිටපු ආණ්ඩුකාර බිරිඳගේ නමින් හෝටලයක් ඉදිකර ඇති බව අනාවරණය විය. ඒ අනුව නීතිවිරෝධී ලෙස ඉදි කර ඇති එම හෝටලය කඩා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයා විසින්ම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා දමා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලිය ද දී තිබෙන බව වාර්තා වේ.

දිවයින පුරා පිහිටි වැව් 23ක රක්ෂිත කලාප තුළ දේශපාලනඥයන් විසින් නාන තටාක සහිත හෝටල් පවා ඉදිකර ඇති බවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ විසින් ජූලි 17 වෙනිදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හෙළිදරව් කළේය.

මෙලෙස අනීතික ඉදිකිරීම් සිදුව ඇති වැව් 23හිම රක්ෂිත මායිම් නිවැරදිව සලකුණු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මේ වන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැනුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට ඇති බව වාර්තා වේ.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron