මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ විවිධ පැමිණිලි 9,613ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. එම අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, අදාළ කාලසීමාව තුළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ සැප්තැම්බර් මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 1,554කි.

මේ අතර, ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ලිංගික අතවර සම්බන්ධ පැමිණිලි 364ක් සහ බරපතළ ලිංගික අතවර සම්බන්ධ පැමිණිලි 114ක් අධිකාරිය වෙත ලැබී ඇත. ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 169ක්, ලිංගික සූරාකෑම සම්බන්ධ පැමිණිලි 8ක් සහ ළමුන් වෙළෙඳාම සම්බන්ධ පැමිණිලි 40ක් ද ඒ අතරට ඇතුළත් වේ.

එමෙන්ම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 37ක් වාර්තා වී තිබේ.

ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,889ක් ලැබී ඇති අතර, යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 51ක් සහ ළමා විවාහ සම්බන්ධ පැමිණිලි 9ක් ද වාර්තා වී ඇත. මීට අමතරව, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 99ක් අධිකාරිය වෙත ලැබී තිබේ.

ළමුන්ට එරෙහි සයිබර් හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි 196ක් සහ ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි 46ක් ද එම මාස නවයක කාලසීමාව තුළ වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Hot this week

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

Topics

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron