IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට එළඹිය යුතු නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නව වැඩසටහනකට යොමුවීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ කොළඹදී පැවති ‘ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026’ අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වූ පළමු සිව්වසර විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රධාන ඉලක්කය වූ සාර්ව ආර්ථික ස්ථාවරත්වය මේ වන විට සැලකිය යුතු මට්ටමකින් අත්පත් කරගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම ස්ථාවරභාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික වර්ධනය කරා ගමන් කිරීම රජයේ මීළඟ ඉලක්කය බව සඳහන් කළේය. ඒ අනුව ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් නව වැඩසටහනක් වෙනුවෙන් එකඟතාවකට පැමිණීමට හැකියාවක් ඇත්නම් ඒ සඳහා රජය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණ ඇති නමුත් තවත් ඉදිරි පියවරක් තැබිය යුතු බවත්, විදේශ සංචිත ප්‍රමාණය අපේක්ෂිත මට්ටමට ළඟා කරගත යුතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. මීට අමතරව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ හිමිකාරිත්වය රජය යටතේ තබාගනිමින් එහි කළමනාකරණ කටයුතු සඳහා සමාගමක් ස්ථාපිත කර, එහි කොටස් පෞද්ගලික ආයෝජකයෙකු වෙත ලබාදීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අනාවරණය කළේය.

Hot this week

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

Topics

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron