සත්තුවත්තේ පරවියෝ 32ක් හොරකම් කරලා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කර ඇති බව සත්වෝද්‍යාන කළමනාකාරීත්වය පවසනවා.

මෙම සොරකම සම්බන්ධයෙන් දැනටමත් දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇතිබවත්, සොරකම සිදුකර ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේ හෝ සෙනසුරාදා අලුයම විය හැකි බවට සැක කරන බවත් සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වන හේමන්ත සමරසේකර මහතා පවසනවා..

ඔහු පෙන්වාදෙන්නේ, සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් රැගෙන ගොස් ඇති බවයි. සොරකම් කරන ලද මෙම පරෙවියන් අධිකරණ නියෝග යටතේ නඩු භාණ්ඩ ලෙස විවිධ අවස්ථාවන්හිදී සත්වෝද්‍යානයේ රදවා සිට පරවියන් බවයි ඔහු පවසා සිටියේ.

මෙම සිදුවීම හේතුවෙන් සතුන් සිටි අංශය භාරව කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා සිටියා.

කෙසේවෙතත් සොරකමට සම්බන්ධ පුද්ගලයෙකු හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව දෙහිවල පොලිසිය පවසා සිටි අතර සොරකම සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

Hot this week

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

Topics

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron