ASP උසස්වීම්වලට එරෙහි පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබයි

2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී  ලකුණු දීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඒ අනුව එම උසස්කිරීම් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 148 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල්තැබීය.

මෙම පෙත්සම් ඊයේ (17) අගවිනිසුරු වූ ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්හ.

පෙත්සම්කාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු කියා සිටින්නේ 2019 වසරේ පැවති සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීම සඳහා වූ පරීක්ෂණයට තමන් ද සහභාගි වූ බවය. 

එහිදී අපේක්ෂකයින්ට ලකුණු ලබාදීම සඳහා අනුගමනය කළ පටිපාටිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඔවුන් චෝදනා කළේය.

එම පරීක්ෂණවලින් පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 232 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කෙරුණු බවත් ඔවුන් පෙන්වා දෙයි.

එම උසස් කිරීම් සියල්ල නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron