විභාග සහ පාසල් නැවත ආරම්භ කරන දින

• නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල්වල සිසුන් සඳහා, පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දා…

• තෙවන වාර විභාගය නොපැවැත්වේ – 11 ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක්…

• අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ඉතිරි විෂයන් ආරම්භය ලබන වසරේ ජනවාරි 12 දා…

• ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් 15 වැනිදා…

දිවයිනට බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට සිදු වූ බලපෑම සහ එය නැවත යථා තත්වයට පත් කිරීම, 2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි කොටසේ ආරම්භය, අ.පො.ස උසස්‍ පෙළ විභාගය පැවැත්වීම පැවැත්වීම වැනි මූලික කරුණු රාශියක් මුල් කරගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා අද දින (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

මෙහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට දිවයිනේ සියලු පළාත් සම්බන්ධීකරණය කරමින් තත්ත්වය සමාලෝචනය කිරීමේ දී,

10,076 ක් වන දිවයිනේ සියලු පාසල් අතරින් පාසල් 9,929 ක් 2025.12.16 වැනි දින විවෘත කරන බවයි.

ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බවත්, පළාත් වශයෙන් ලබා දෙන ඉදිරි තහවුරු කරගැනීම්වලදි සිදු විය හැකි සංඛ්‍යාමය වෙනස් වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිල දැනුවත් කිරීම් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළ සිටියේ ය.

එමෙන් ම දෙසැම්බර් 16 වැනි දින ආරම්භ වන සියලු පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙසැම්බර් 15 වැනි දින සේවයට වාර්තා කළ යුතු බවත් පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ප්‍රකාශ කළේ ය.

එමෙන් ම

2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර 2025.12.16 දින සිට 2025.12.22 දින දක්වා පවත්වන අතර නත්තල් නිවාඩුවෙන් පසු නැවත 2025.12.29 දින සිට 2025.12.31 දින දක්වාත්, මුස්ලිම් පාසල් 2026.01.02 දින දක්වාත් පැවැත්වෙන බව ඒ මහතා ප්‍රකාශ කරන ලදි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් ආරම්භ වන්නේ 2026 ජනවාරි මස 12 වැනි දින වන අතර ඒ පිළිබඳ ඉදිරි දැනුවත් දැනුවත් කිරීම් විභාග කොමසාරිස් ජනරාල් විසින් සිදු කරන බව ප්‍රකාශ කරන ලදී.

2026 වර්ෂය සඳහා නව පාසල් වාරය ජනවාරි පස් වන දින (5) ආරම්භ කරන අතර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි පෙබරවාරි මස පැවැත්වෙන බව ද ප්‍රකාශ කරන ලදී.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron