ලාල්කාන්ත මිහින්තලේ හාමුදුරුවන්ට වනචාරියා කිව්වා-නාමල් රාජපක්ෂ-

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.විශේෂයෙන්ම පසුගියදා මිහින්තලය නායක ස්වාමින්වහන්සේ වලවාහැංගුන වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේට වනචාරියා ලෙස හදුන්වමින් අපහාස කර ඇති බවත් මෙසේ බෞද්ධ නායකයකුට අපහාස කිරීම තමා තරයේ හෙළා දකින බව නාමල් රාජපක්ෂ පැවසීය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනතෙහි “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලටහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික,වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම්,නොකළ යුතුය” ලෙස දක්වා ඇති අතර ලාල් කාන්ත මෙහිදී ආගමික ද්වේෂය පතුරවා ඇති බව පෙනී යන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.නීතිය සැමට සමානනම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවා දැයි තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙසේ නීතිය කඩ කලානම් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල් කාන්ත ආගමික ද්වේෂය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

Hot this week

AI ඡායාරූපයක් භාවිත කිරීම ගැන චතුරංග අබේසිංහගෙන් දෙරණට ලිපියක්

දෙරණ රූපවාහිනී නාලිකාවේ “දෙරණ 360” වැඩසටහනට අදාළ වීඩියෝවක, කර්මාන්ත...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව කල් තැබේ!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට...

ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය දෙන බවට IMF සහතික වෙයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස IMF ඉදිරියටත් රැඳී සිටින...

පොහොර සැපයුම ගැන බිය විය යුතු නැහැ

ගොවිජනතාවට සහන රැසක් ලබාදී ඇති බැවින් පොහොර සැපයුම සම්බන්ධයෙන්...

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුවකට අවුරුදු 10ක්වත් ඕනේ

ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව...

Topics

අමෙරිකානු වීසා අයදුම්කරුවන්ට දැඩි අවවාදයක්!

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ලාංකිකයින් සඳහා...

කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron