ප්‍රථම ‘බස්ටුරන්ට්’ සංචාරක සේවාව දඹුල්ලෙන් ඇරඹෙයි

දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින්, සුඛෝපභෝගී බස් රථයක් තුළ හෝටල් පහසුකම් සහිතව සංචාරය කළ හැකි ‘බස්ටුරන්ට්’ (Bustaurant) නමැති නව සංකල්පය ඊයේ (15) දඹුල්ලේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා.

දඹුල්ල මහා නගර සභාව හා ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහයෝගය මත මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.

මෙම සේවාව මගින් දඹුල්ල, පැල්වෙහෙර, ඉනාමලුව, කිඹිස්ස, සීගිරිය සහ පිදුරංගල වැනි ඓතිහාසික ස්ථාන කරා ග්‍රාමීය මාර්ග ඔස්සේ ගමන් කරන අතර, බස් රථය තුළම ආහාර පාන ලබාගැනීමට සහ විවේකීව සංචාරය කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

මෙම ගමන් මාර්ගයේදී රන්දෙනි වැව, ඉබ්බන්කටුව සහ කන්දලම වැනි සුන්දර ජලාශ මෙන්ම කුඹුරු යායන් නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයන් රැගත් ප්‍රථම බස් රථය අද සිය ගමන ආරම්භ කළ අතර, එය සීගිරිය හා අවට සුන්දරත්වය නරඹමින් සියලු පහසුකම් සහිතව දිනක් ගත කිරීමට සංචාරකයන්ට මඟ පෙන්වනු ලබයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron