ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළැඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සරය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ප්‍රථමයෙන් ආරම්භ කරන ලද මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ සැමරුම, එය ආරම්භ වූ රටේදීම පැවැත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව මෙහි සංවිධායක මණ්ඩලය මෙහිදී පෙන්වා දුන්නේය.

ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන සියලුම බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50ක නියෝජිතයන් 600ක් පමණ මෙම සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිත අතර ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මෙරට භික්ෂූන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත් වේ. 

මෙම සැමරුම සඳහා භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ට ආරාධනා කිරීමට ද අපේක්ෂිතය.

මෙහි සමාරම්භක උත්සවය නොවැම්බර් 28 වනදා කොළඹ, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. 

විධායක සභා රැස්වීම් සහ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ (Academic Conference) නොවැම්බර් 29 දා පැවැත්වීමට සැලසුම් කර ඇත. ලෝක සාමය පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පවත්වනු ලබන විශේෂ පූජා වැඩසටහන නොවැම්බර් 30 වනදා සවස පැවැත්වෙයි.  

දෙසැම්බර් 01 වෙනිදා රුවන්වැලි මහා සෑය සහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍රකර ගනිමින් ආගමික වතාවත් සංවිධානය කර තිබේ.

වස් කාලය අවසන් වීමෙන් පසු පැවැත්වෙන මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය පිළිබඳව යහපත් පණිවුඩයක් ලෝකයට ලබා දීමටත්, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සංවත්සර උත්සවය ජාතික මට්ටමේ වැදගත්කමකින් යුතුව සංවිධානය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද පැවසීය. 

එමෙන්ම පත් කරනු ලබන විශේෂ කමිටුව මඟින් රජයේ පාර්ශ්වයෙන් සහ සංවිධායක මණ්ඩලයේ පාර්ශ්වයෙන් ඉටු විය යුතු කාර්යයන් කඩිනමින් හඳුනාගෙන ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එමඟින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය පිළිබඳව ඉතා යහපත් පණිවුඩයක් මුළු ලෝකයටම ලබා දිය හැකි බව පෙන්වා දුන්නේය.

විදේශීය භික්ෂූන් වහන්සේලා සහ නියෝජිතයන් මෙරටට පැමිණීමේදී සහ පිටවීමේදී ගුවන් තොටුපළ තුළ විශේෂ ප්‍රවේශයන් (VIP facilities/Counter) ඇති කිරීම ඇතුළු පහසුකම් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම, වැඩසටහන පැවැත්වෙන නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත ගොස් එහි  යටිතල පහසුකම් සහ ඉදිරි සැලසුම් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ලෝකයේ විවිධ රටවලින් පැමිණෙන නියෝජිතයන්ගේ සහභාගීත්වය තහවුරු කර ගැනීම සඳහා විධිමත් රාජ්‍යතාන්ත්‍රික ඇරයුම් සිදු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ලෝකය හමුවේ යළි තහවුරු කිරීමටත්, රටේ ගෞරවය ඉහළ නැංවීමටත් ලැබෙන අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක ස්වාමින් වහන්සේ,  නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර කමිටුවේ සභාපති ආචාර්ය පුජ්‍ය බෝදාගම චන්දිම නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron