හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විදින ජනතාවට එම ඉඩම් වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ.

උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී එම ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ඇතුළු ජනතාවට එම ඉඩමේ පරම අයිතිය නොමැතිවීමෙන් විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබේ.

ඒ අනුව ඔවුන් සඳහා නිදහස් ප්‍රදාන පත්‍රයක් ලබාදීමට නියමිත අතර අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ප්‍රතිලාභීන් 500 දෙනෙකු වෙත අද දිනයේදී එම ප්‍රදාන පත්‍ර ලබා දීම සිදු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර ‘දිට්වා’ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අදාල  නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභාවාරයේ 
ප්‍රගතිය සමාලෝචනය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (26) පැවති අවස්තාවේ මෙම උපදෙස් ලබා දී ඇති බවයි   ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය සඳහා වගකීම් දරන එක් එක් ආයතනවලට විවිධ කාර්යභාරයන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට විවිධ සැලසුම් ඇති බවත්, එම ආයතන මේ අවස්ථාවේ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත් කම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී  අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත.

ඒ තුළින්  ආපදා කළමණාකරණ හා සහන සැලසීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව සිදු කිරීමට හැකියාව පවතින බවයි  ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ වන විට ආපදාවට පත් ජනතාවට ගෙවනු ලබන වන්දි මුදල් හා වෙනත් දීමනා කඩිනමින් ගෙවා අවසන් කරන ලෙසටත්, දීමනා නොලැබූ ජනතාවගේ අභියාචනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා අදාළ  නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron