පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සයිබර්ට ආරක්ෂණ පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා සයිබර් ආරක්ෂණ පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය දිනක සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහන රාජ්‍ය අංශය තුළ සයිබර් ආරක්ෂණ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ගෙන යන අඛණ්ඩ ක්‍රියාමාර්ගයන්හි තවත් එක් පියවරක් වේ.

රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් ආරක්ෂණ ධාරිතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කරන ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා සර්ට් ආයතනය වෙත ලබා දුන් උපදෙස් අනුව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම පුහුණු වැඩසටහනට පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුශාණි රෝහනධීර මහත්මියද සහභාගී වූහ.

මෙම පුහුණු සැසි මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා සර්ට් ආයතනයහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් අනන්ද මහතා, ශ්‍රී ලංකා සර්ට් හි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සහ සයිබර් ආරක්ෂණ ධාරිතා වර්ධනය කිරීමේ ව්‍යාපෘති කළමනාකරු තිලින දිසානායක මහතා විසිනි.

මෙහිදී සමාජ මාධ්‍ය නෛතික හා වගකීමෙන් භාවිතා කිරීම, සයිබර් ආරක්ෂාව සහ අන්තර්ජාල ආරක්ෂාව, සමාජ මාධ්‍ය තුළ ඇතිවන අර්බුද කළමනාකරණය සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඇතුළු වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී. තවද සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින සයිබර් තර්ජන අවකාශය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමටත්, තම වෘත්තීය කාර්යයන්හි ආරක්ෂිත ඩිජිටල් භාවිතාවන් අනුගමනය කිරීමටත් සහභාගීවන්නන්ට අවස්ථාව සලසා දෙන ලදී.

මෙම වැඩසටහන මඟින් අන්තර්ජාල සන්නිවේදනයේ වෘත්තීය ප්‍රමිතීන් රැකගැනීම, සංවේදී තොරතුරු ආරක්ෂා කිරීම සහ එකිනෙකා සම්බන්ධිත ඩිජිටල් පරිසරය තුළ ඇතිවන අවදානම් සහ අභියෝග වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික දැනුමක්ද නිලධාරින්ට ලබා දෙන ලදී.

රාජ්‍ය ආයතන තුළ සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය වැඩි දියුණු කරමින් ජාතික මට්ටමේ සයිබර් ආරක්ශණ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් ගෙන යන පුළුල් වැඩපිළිවෙළක තවත් එක් පියවරකි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron