භික්ෂුවක් විදෙස්ගතවීමකදී මහා නාහිමිවරුන්ගේ අවසරය අනිවාර්ය කරතිබූ නීතිය නැවත ලබාදෙන ලෙසට ඉල්ලීම්

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසි දෙදෙනා යොදාගනිමින් එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ව්‍යාපාරිකයකු බව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී තිබේ.

එසේම එම චීවරධාරීන් අදාළ විදෙස් සංචාරයේ නිරතව ඇත්තේ මහා නා හිමිවරුන්ගේ අවසරයක් නොමැතිවය.

භික්ෂුවකට විදෙස් සංචාරයක් සඳහා මහ නා හිමිවරුන්ගෙන් ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය කරතිබූ නීතිය ඉවත් කිරීමට රජය ගත් තීරණය වහාම යළි වෙනස් කරන්නැයි භික්ෂූන්වහන්සේ ඉල්ලා සිටියි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ගාමීණී සේනාරත්න මහතා ඒ පිළිබඳ පැවසුවේ එම අවසරය ලබාගැනීමේ ක්‍රමවේදය අත්හිටුවා ඇත්තේ කෙටි කාලයකට බවය.

අත්හිටුවූ එම ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන්නැයි මහ නා හිමිවරුන් නැවත ඉල්ලීමක් කර තිබූ බවත් ඒ අනුව එම ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු පසුගිය 25 වනදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණේ “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමගිනි.

චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වේ.

සංචාරය අතරතුර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් අනුග්‍රාහකයන් ලබාදුන් බවත් ඒ වෙනුවෙන් පාසල් සිසුන් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළත් මෙම ගමන් මලු මෙරටට රැගෙන එන ලෙස තමන්ව සම්බන්ධීකරණය කළ චීවරධාරීන් පැවසූ බවද මෙම පිරිස අනාවරණ කර ඇත.

අත්අඩංගුවට ගැණුන පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඊයේ  (26) පස්වරුවේය.

එහිදී සැකකාර චීවරධාරින් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබුණි.

ඒ අනුව චීවරධාරින් පිරිස මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් ඇති අතර එහිදී ඔවුන් අනාවරණ කර ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ව්‍යාපාරිකයෙකු බවය.

එසේම සැකකාර චීවරධාරින් පිරිසගේ ජංගම දුරකථන ද විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ.

ජාවාරම මෙහෙයවූ පුද්ගලයා සම්බන්ධයෙන් එම දුරකථන ඔස්සේ තොරතුරු අනාවරණ කරගැනීමට උත්සාහ දරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

මෙම චීවරධාරීන් පිරිස මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන චීවරධාරියා ද ගම්පහ මීගහමුල්ල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

මෙම ප්‍රධාන චීවරධාරියා විමර්ශන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා විමර්ශන නිලධාරින්ට සහාය නොදෙන බවත්, නිසි පරිදී ප්‍රකාශ ලබා නොදෙන බවත් වාර්තා වේ.

එනේම මෙම චීවරධාරින් පිරිස අද (27) පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද යොමු කර ඇත.

මේ අතර මෙම පිරිස අතර සිටි ඉඳුරුව ප්‍රදේශයේ චීවරධාරියෙකුට අද එම ප්‍රදේශවාසින් සිය විරෝධය පළකර තිබුණි.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron