ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය මගින් මෙහෙයවන ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනට සමගාමීව ඊයේ (02) ඇරඹුණු “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ව්‍යාපෘති රැසක වැඩ කටයුතු ආරම්භ කෙරිණි. මෙම “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 576ක ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 881ක ප්‍රතිපාදන වෙන්ව ඇත.
ඒ අතරින් තංගල්ල, අඟුණකොළපෑලැස්ස, අම්බලන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල සිදු කෙරෙන ව්‍යාපෘතිවල සමාරම්භක අවස්ථා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ඒ සඳහා කෘෂිකර්මාන්තය සඳහා ඉවහල් වන වාරි ව්‍යාපෘති සංවර්ධනය, ජල ටැංකි බෙදාදීම, කෘෂි මාර්ග සංවර්ධනය, ධීවර කර්මාන්තයට අදාල යටිතල පහසුකම් සංවර්ධනය හා ධීවර ආම්පන්න හා උපකරණ ප්‍රදානය ඇතුළුව ජනතාවගේ ජීවනෝපය ශක්තිමත් කරමින් ජන ජීවිතය නගා සිටුවීම සඳහා වන ව්‍යාපෘති රැසක කටයුතු ඇතුලත් ය.


