යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ජුලි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුවේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ (03) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ජුනි මස 16 වෙනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළ බව සඳහන් කළේය.

එදින තෙක් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල්තබන ලෙසත් ඔහු අධිකරණයට ඉල්ලා සිටියේය.

ඒ අනුව අභියාචනාදීකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම නඩුව ජූලි මස 09 වනදා දක්වා කල්තැබීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියම කළේය. 

රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයතා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට විරුද්ධව මෙම නඩුව ගොනුකර තිබේ. 

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron