ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීම සඳහා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් විදුලි ජනනය සඳහා වැයවන පිරිවැය යම් ප්‍රමාණයකින් පාලනය කර ගැනීමට හැකි වූ බවයි.
ඒ අනුව ඉදිරි කාර්තුවේ විදුලි මිල වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවත්, ලබන වසරේ මුල් මාස තුන සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
“අපි බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ නිසා විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් වුණා. ඒ අනුව ඉදිරි කාර්තුව සඳහා විදුලි මිලේ වැඩි වීම සඳහා කිසිදු විදිහකට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තුවෙන්නේ නෑ. ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස 3 සඳහා විදුලි ජනනය අඛණ්ඩව සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා.”


