ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරු යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.ඇය සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් අලුයම 1.10ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්ව ගොස් ඇති අතර, ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය බව පැවසෙන ඇන් ද ලිවේරා මහත්මියද ගමන් කර තිබෙනවා.

මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ‘සිරිලිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නියමිතයි.

අදාළ විමර්ශනයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘සිරිලිය සවිය’ සංවිධානය පවත්වාගෙන ගිය ගිණුමකට රුපියල් මිලියන 10ක මුදලක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වනවා. එම මුදල කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් එකතු කළ මුදල්වලට අදාළ බවට සඳහන් වන අතර, එම රෝහලට චීන රජය විසින් සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් නොමිලේ ලබාදී තිබීම හේතුවෙන් එකතු කළ මුදල් සම්බන්ධයෙන් විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවද වාර්තා වුණා.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron