විමල්ට තවත් අධිකරණ අපහාස චෝදනාවක්?

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීම විවේචනය කරමින් විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණයට අපහාසයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (18) පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියකට සහභාගි වෙමින් විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකිරීමට නියමිතයි.

අදාළ ප්‍රකාශයට අයත් රූපරාමු ලබාගෙන විමර්ශනය සිදුකරන ලෙසද පොලිස්පතිවරයාට අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය අද නියෝග කළා.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron