22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කර සිටියේය.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් සමඟ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත් කිරීමේ මීළඟ පියවර පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වනු ඇත.


