ඩෑන් ප්‍රියසාද්ගේ සහ ඔහුගේ සහෝදරයා වන තිළිණ ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු කඩවත, වැබඩ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදුකළ වැටලීමකදී අදාල සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක්, ජීව උණ්ඩ 534ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 8ක් සහ මාංචු යුගල 2ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය ගබඩා කර බෙදාහැරීම සිදු කළ බව සැකකරු ප්‍රශ්න කිරීම හමුවේ හෙළි කල බවයි.
මේ අතර, ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන්ද සැකකරුගේ පියාද ප්‍රධාන සැකකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


