නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දැක්වීම වෙනුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාදීමේ චෝදනාව යටතේ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මුදල ඇය විසින් අවස්ථා තුනකදී මන්ත්‍රීවරයා වෙත ලබාදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


