රන් පදක්කම දිනූ රුමේෂ්ට ජනාධිපති සුබ පතයි

ආසියානු ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම වරට රන් පදක්කමක් දිනාගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දුන් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පිරිනමා ඇත.

සිය X ගිණුමේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම අසමසම ජයග්‍රහණය හරහා රුමේෂ් සමස්ත ජාතියම ආඩම්බරයට පත්කළ බවයි. එමෙන්ම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම සිහිනය වන ඔලිම්පික් රන් පදක්කම කරා යන ඉදිරි ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා, ජාත්‍යන්තරය දිනන සියලුම ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට කැපවන බවද අවධාරණය කළේය.

ජපානයේදී පැවැත්වෙන මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පැවැති දැඩි වර්ෂාපතනය මධ්‍යයේ ඉතා අභියෝගාත්මක තරගයකට මුහුණ දුන් රුමේෂ්, පළමු වට 3 අවසානයේ 3 වැනි ස්ථානයේ පසු විය. එහිදී ඉන්දියානු ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටියද, සිය 4 වැනි උත්සාහයේදී මීටර් 88.33ක දක්ෂතාවක් දක්වමින් තරගයේ පෙරමුණ ගැනීමට ඔහු සමත් විය.

අනතුරුව සිය 6 වැනි සහ අවසාන උත්සාහයේදී මීටර් 88.55ක විශිෂ්ට දුරක් සටහන් කළ රුමේෂ්, ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ පළමු රන් පදක්කම හිමිකර දුන්නේය.

මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දීය ක්‍රීඩකයින් දිනාගත් අතර, තරගයට එක්වූ ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහට හිමිවූයේ 6 වැනි ස්ථානයයි.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron